මේ වෙනකොට රටේ ඉන්ධන හිඟයක් නැහැ :ගම්මන්පිල

ඉන්ධන මිල වැඩි කරන තෙක් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල මේ වන විට ඉන්ධන හිගයක් දක්නට ලැබෙන බවය.

“කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ලංකාවේ තියෙන සියලු දිස්ත්‍රික්කවල ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නෑ. පිරවුම්හල් හිමියෝ කියනවා ඇනවුම් දාලා ඩීසල් ඇනවුම එනකොට පෙට්‍රල් නෑ, පෙට්‍රල් ඇනවුම එනකොට ඩීසල් නෑ එහෙම නැත්නම් දෙකම නැති තත්ත්වයක් තියෙන්නේ. එක අතකින් පිරවුම්හල් හිමියෝ අසරණ වෙලා තියෙනවා. එක පැත්තකින් පාරිභෝගිකයින්ට තෙල් ටික ගන්න නෑ අඩු මිලට.වැඩි මිලට LIOC එකට යන්න වෙලා.

සංස්ථාව කියනවා නම් ඇමැතිත් කියනවා නම් ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. එහෙනම් පිරවුම්හල්වල හංගලා තියෙන්නේ. හංගපුවා පරීක්ෂා කරන්න නියම ක්‍රමවේදයක් අපේ සංස්ථාව සතුව තියෙනවා.කිසිම කෙනෙක් ගිහිල්ලා බලලා නෑ. මේ ටැංකි පරීක්ෂා කරන්න අපිට අයිතියක් තියෙනවා ඒක තාම කරලා නෑ. ඒක කෙරුවා නම් හංගලා ද කියලා හොයාගන්න පුළුවන්. ඉන් එකක් තේරෙනවා ඉන්ධන මිල වැඩිකරනතුරු තෙල් බෙදාහැරීම ඉතාම සීමිතයි. හේතුව ඇමතිතුමා ඇතිවෙන්න තෙල් තියෙනවා කියනවා. ඉන්ධන පිරවුම්හල්වල තෙල් නෑ. තෙල් නැති නිසා ජනතාව පෝලිමේ.”

කෙසේවෙතත් මේ වන විට රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පල කළේය.

“මේ දිනවල ශ්‍රී ලංකාව ඉන්ධන මිලදීගැනීමට විදේශ විනිමය සොයාගැනීමේ බරපතළ අභියෝගයක ඉන්නේ. රටට එකතුවෙන අපනයන ආදායමෙන් තුනෙන් දෙකක වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්.

මේ අතරේ තෙල් සංස්ථාවත් ලංකා IOC සමාගමත් දිගින් දිගටම තෙල් මිල වැඩිකිරීමට අපිට ඉල්ලීම් කරන නිසාත් තෙල් මිල වැඩිවුනොත් තමන්ගේ ඉන්ධන තොගයට අලුත් වටිනාකමක් එකතුවෙන නිසා අද රෑ තෙල් මිල වැඩිවෙනවෝ කියලා කටකතාවක් ගියාම ඉන්ධන සඟවාගෙන සිටීමේ ස්ථාන ගණනාවක් ගැනත් අපිට තොරතුරු ලැබුනා, ඔවුන් ගාව ඉන්ධන තිබෙනවා කියලා අපේ වාර්තාවල තිබියදී ඉන්ධන නෑ කියලා තිබුනා.

අපිට සිදුවුනා පරීක්ෂා කරලා ඉන්ධන ලබාදීමට කටයුතු කරන්න. ඉන්ධන මිලදීගැනීමේ දුෂ්කරතාවයක් තිබුණත් මේ වනවිට අපි ගාව තොග තියෙනවා. මිල ඉහළ යාවී යැයි සැකයෙන් කවුරුහරි තෙල් සඟවාගන්නවානම් අනිවාර්යයෙන්ම තෙල් සංස්ථාවට ඒ පිළිබඳව දුරකතනයෙන් දැනුම්දුන්නාම එහි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා රටේ මේ වෙනකොට ඉන්ධන හිඟයක් නෑ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29