මේ වසර තුළදී තවත් මැලේසියානු රැකියා දස දහසක්

මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ ළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී වෙමින්.

ඒ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා…

අපි දැන් අලුත් ගමනාත්ත සොයාගෙන යනවා. ඒ යද්දී මැලේසියාව සුවිශේෂී ගමනාන්තයක් බවට පත් වුණා. කලින් සිටි මැලේසියානු රජය අපට රැකියා දහදහසක කෝටාවක් අනුමත කළා. මේ රැකියා දසදහසේ කෝටාවට අමතර ව වත්මන් මැලේසියානු රජයේ කැබිනට් මණ්ඩලය වෙතින් දසදහසින් පටන් අරන් ලක්ෂය දක්වා යන්න පුළුවන් තවත් තවත් රැකියා කෝටාවක් අනුමත කර ගන්න අපට හැකියාව ලැබුණා. ඒ මෙරට ආරක්ෂක අංශයේ සාමාජිකයන් සඳහා. මෙය රාජ්‍යයන් රාජ්‍යයන් අතර සිදුවන ගණුදෙනුවක් විදියට වෙන්නේ.

ඒ වගේ ම ඉදිරියේ දී මාසික ව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ රැකියා වෙත යොමු කිරීමේ ඉලක්කය සහ වගකීම සම්පූර්ණයෙන් ම රැකියා නියෝජිත ආයතන වෙත පවරලා රජය විදියට අපි විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කාර්යයට මුළුමනින් ම අවධානය යොමු කරනවා. ඒ අනුව විගමනික ශ්‍රමික දූ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නේවාසිකාගාර ඇතුළු ව්‍යාපෘති හා පහසුකම් රැසක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

මේ රටේ විවිධ ක්ෂේත්‍රවලට රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ පහසුකම් ලැබෙනවා. ගොවියාට පොහොර ටිකට පවා සහන ලැබෙනවා වගේ මේ රටට වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මේ ක්ෂේත්‍රය වෙනුවෙනුත් ඉදිරියේ දී උපරිම පහසුකම් සලසනවා. ඒ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සකස් කරලා අවසන්. එහි දී ක්ෂේත්‍ර යේ අභිමානයෙන් වැඩ කරන්න අවශ්‍ය පසුබිම ශක්තිමත් ව සකස් කරලා තියෙනවා වගේ ම වැරදි කරන පිරිස විදේශ රැකියා ක්ෂේත්‍ර යෙන් සදහට ම ඉවත් කරලා දාන්නත් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?