මේ වසර තුළදී තවත් මැලේසියානු රැකියා දස දහසක්

මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ ළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී වෙමින්.

ඒ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා…

අපි දැන් අලුත් ගමනාත්ත සොයාගෙන යනවා. ඒ යද්දී මැලේසියාව සුවිශේෂී ගමනාන්තයක් බවට පත් වුණා. කලින් සිටි මැලේසියානු රජය අපට රැකියා දහදහසක කෝටාවක් අනුමත කළා. මේ රැකියා දසදහසේ කෝටාවට අමතර ව වත්මන් මැලේසියානු රජයේ කැබිනට් මණ්ඩලය වෙතින් දසදහසින් පටන් අරන් ලක්ෂය දක්වා යන්න පුළුවන් තවත් තවත් රැකියා කෝටාවක් අනුමත කර ගන්න අපට හැකියාව ලැබුණා. ඒ මෙරට ආරක්ෂක අංශයේ සාමාජිකයන් සඳහා. මෙය රාජ්‍යයන් රාජ්‍යයන් අතර සිදුවන ගණුදෙනුවක් විදියට වෙන්නේ.

ඒ වගේ ම ඉදිරියේ දී මාසික ව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ රැකියා වෙත යොමු කිරීමේ ඉලක්කය සහ වගකීම සම්පූර්ණයෙන් ම රැකියා නියෝජිත ආයතන වෙත පවරලා රජය විදියට අපි විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කාර්යයට මුළුමනින් ම අවධානය යොමු කරනවා. ඒ අනුව විගමනික ශ්‍රමික දූ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නේවාසිකාගාර ඇතුළු ව්‍යාපෘති හා පහසුකම් රැසක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

මේ රටේ විවිධ ක්ෂේත්‍රවලට රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ පහසුකම් ලැබෙනවා. ගොවියාට පොහොර ටිකට පවා සහන ලැබෙනවා වගේ මේ රටට වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මේ ක්ෂේත්‍රය වෙනුවෙනුත් ඉදිරියේ දී උපරිම පහසුකම් සලසනවා. ඒ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සකස් කරලා අවසන්. එහි දී ක්ෂේත්‍ර යේ අභිමානයෙන් වැඩ කරන්න අවශ්‍ය පසුබිම ශක්තිමත් ව සකස් කරලා තියෙනවා වගේ ම වැරදි කරන පිරිස විදේශ රැකියා ක්ෂේත්‍ර යෙන් සදහට ම ඉවත් කරලා දාන්නත් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32