මේ දිනවල කුඩා ළමුන් ප්‍රවේසම් කරගන්න

කුඩා ළමයින් අතර ඇස් රෝගයක් මේ දිනවල පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවනවා.

ඇස් රතු වීම, ඇස් කැසීම, කබ ගැලීම මෙහි ලක්ෂණ බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ඒ, අනුව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ද ලැබෙන බව වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?