යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තමන් අයිති රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබන ලෙසට නියෝග කර තිබෙනවා.
පරිපාලනමය කටයුතු පහසුකර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ.
මෙම තීරණයත් සමඟ ඇතැම් යුද හමුදා සාමාජිකයින් විවිධ අපරාධයන් සිදුකර රටින් පලායාමේ සිදුවීම ද අවමවන බවයි අප කළ විමසීමක දී මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර එම විදෙස් ගමන් බලපත්‍ර සුරක්ෂිතව තබාගැනීම හා සුදුසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය රෙජිමේන්තු මධ්‍යස්ථානවල අණදෙන නිලධාරීන්ට පවරා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1