Empty Ad
AFC Banner
Empty Ad

මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න : ඇමති විමල් ගෙන් සැර පිළිතුරක්

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ඊයේ (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

මේ අතර අද කොළඹ පැවති උත්සවයක් අවසානයේදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් විමල් විරවංශ අමාත්‍යවරයා පැවසුවේ යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩවී නොමැති බවයි.

” ඒක අධිකරණයේ විනිසුරුවරුන්ගේ තීරණයක් නෙමෙයි නේ. නීතිපතිතුමාගේ නියෝජිතයෝ යන්නෙත් එතන නීතිඥයෝ හැටියට. සාමූහික වගකීමකට බැඳෙන්නේ සිදුවුණු දේකට. සිදු නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට එතන සාමූහික බැඳීමකට වගකීමක් නෑ. මෙතන අද්භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මිනිට්ස්වල ඊට පහුවෙනිදා තිබ්බා කියලා අපිට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නවා නම් මේ රටේ ජනතාවට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු.” අමාත්‍යවරයා පිළිතුරු දුන්නා.

මේ අතර ඉදිරියේදී වෙනම ගමනක් යෑමට අදහස් කර සිටින්නේද යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇමති විමල් විරවංශ ගෙන් ප්‍රශ්න කර සිටි අතර, ඊට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

” ඒවට කලබල වෙන්න එපා..ඔයගොල්ලන්ට හරි උවමනාවක් තියෙනවා ද ඉක්මනට අපිව එළියට ගන්න. ප්‍රශ්න වුණයි කියලා ප්‍රශ්නයක් නෑ. මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?