මෙල්බර්න් නුවර දී ඉන්දීය කණ්ඩායම අදත් අසරණ වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට (27) ඉන්දීය කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 164ක් ලබා සිටිනවා.

ඊයේ (26) දෙරට අතර තරගය නත්තල් දිනයෙන් පසුව මෙල්බර්න් නුවර දී බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙසයි ආරම්භ කෙරුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 474ක් රැස් කරගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 140ක් ලබා ගත්තා.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ම වේගවත් ටෙස්ට් අර්ධ ශතකයක් ලැබූ සෑම් කොන්ස්ටස් ලකුණු 60ක් සහ මාර්නස් ලබුෂේන්ග් හා උස්මන් කවජා අර්ධ ශතක බැගින් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී බුම්‍රා කඩුලු 04ක්, ජඩේජා කඩුලු 03ක්, අකාෂ් ඩීප් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් වොෂින්ටන් සුන්දර් විසින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමේ නායක ශර්මා ලකුණු 03ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙස අද දිනයේ දී දැවී ගියා.

පෙර තරගයේ දී අසාර්ථක වූ ජයිස්වාල් ලකුණු 82ක් ලබා ගත්තා.

විරාට් කෝලි ලකුණු 36කටත්, කේ. එල් රාහුල් ලකුණු 24කටත් දැවී ගියා.

පැට් කමින්ස් සහ ස්කොට්‍ බෝලන්ඩ් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

හෙට (28) තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?