මෙල්බර්න් නුවර දී ඉන්දීය කණ්ඩායම අදත් අසරණ වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට (27) ඉන්දීය කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 164ක් ලබා සිටිනවා.

ඊයේ (26) දෙරට අතර තරගය නත්තල් දිනයෙන් පසුව මෙල්බර්න් නුවර දී බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙසයි ආරම්භ කෙරුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 474ක් රැස් කරගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 140ක් ලබා ගත්තා.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ම වේගවත් ටෙස්ට් අර්ධ ශතකයක් ලැබූ සෑම් කොන්ස්ටස් ලකුණු 60ක් සහ මාර්නස් ලබුෂේන්ග් හා උස්මන් කවජා අර්ධ ශතක බැගින් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී බුම්‍රා කඩුලු 04ක්, ජඩේජා කඩුලු 03ක්, අකාෂ් ඩීප් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් වොෂින්ටන් සුන්දර් විසින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමේ නායක ශර්මා ලකුණු 03ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙස අද දිනයේ දී දැවී ගියා.

පෙර තරගයේ දී අසාර්ථක වූ ජයිස්වාල් ලකුණු 82ක් ලබා ගත්තා.

විරාට් කෝලි ලකුණු 36කටත්, කේ. එල් රාහුල් ලකුණු 24කටත් දැවී ගියා.

පැට් කමින්ස් සහ ස්කොට්‍ බෝලන්ඩ් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

හෙට (28) තරගයේ තෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21