Empty Ad
AFC Banner
Empty Ad

මෙරට හිටපු ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිගේ මිණිබිරිය නුවරඑළියේ සංචාරයක (වීඩියෝ)

මෙරට බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය අවධියේ දී පාලන කටයුතුවල නිරත වූ සර් විලියම් හෙන්රි ග්‍රෙග‍රි ආණ්ඩුකාරවරයාගේ මිණිබිරිය වන බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය නුවරඑළියේ මේ දිනවල (28) සංචාරයක නිරත වනවා.

ඇය සංචාරයට එක්ව නතර වී සිටින්නේ ඇල්පන් හෝටල් පරිශ්‍රයේ යි.

වර්ෂ 1871 වසරේ සිට 1875 දක්වා සර් විලියම් හෙන්රි මහතා සිව් වසරක කාලයක් නුවරඑළිය ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, නුවරඑළියේ ඇති ජනාධිපති මන්දිරය ද ඒ මහතාට අයත් ගොඩනැගිල්ලක් බවත් සඳහන්.

එම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය රජයේ අවසරයක් නොමැතිව බ්‍රිතාන්‍ය පවුම් 1500කට ශ්‍රී ලංකා රජයට අලෙවි කළ බවයි හන්ඩ් මහත්මිය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණියේ පළමු වරට බවත්; තමන්ට සහ සිය සැමියා වන මායල්ස් හට ජනාධිපති මන්දිරය නැරඹීමට (නුවරඑළියේ පිහිටි) අවසර ලබාදෙන ලෙසට ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් කළ ඉල්ලීමට මෙරට රජය ක්ෂණිකව අවසර ලබාදීම පිළිබඳ ව හන්ඩ් මහත්මිය ලක් රජයට සිය ස්තුතිය පුද කර සිටියා.

ජනාධිපති මැදුර වෙත ගිය තමාව සහ සැමියාව එහි නිලධාරින් උණුසුම් අයුරින් පිළිගෙන තේ පැන් සංග්‍රහයක් ලබා දුන් බවත්, ජනාධිපති මැදුර අක්කර 125කින් සමන්විත භුමියක පිහිටි පෞරාණිකත්වය පිලිබිඹු කරන ගොඩනැගිල්ලක් බවත්, ශ්‍රී ලංකා රජය විසින් එය මනා කොට නඩත්තු කරන බවයි ඇය කියා සිටියේ.

වර්තමානයේ විශාල වටිනාකමකින් යුත් එම ගොඩනැගිල්ල සීමාවන්ට යටත්ව කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන ගොස් එහි ඉතිහාසය ජනතාවට දැනගැනීමට ඉඩ ලබාදෙන ලෙස ද ඇය අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

ඇයගේ සීයා විසින් ඉදි කරන ලද ග්‍රෙගර් වැව නැ‍රඹීමට ද බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය එක්ව ඇති අතර, එය නගරය ම සුන්දරත්වය පත් කරන බවයි සඳහන් කළේ.

ඇය පසුගිය සතියේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානයට ද ගොස් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ද සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:00:46
Video thumbnail
ඉදිරියේදී තෙල් නැතිවෙයිද - මෙන්න ඇත්ත නැත්ත
22:19
Video thumbnail
හිරුණිකා ෆයර් වෙයි - අහලම බලන්නකෝ
04:18
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් මේ අවුරුදු 5ම ආණ්ඩුවට අමාරුයි
00:07
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ සජබ පා.ම නීතිඥ චිත්‍රලාල් ප්‍රනාන්දු සහභාගිවන කස්තිරම සජීවීව
01:21:15
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් - ආණ්ඩුවට මේ අවුරුදු පහ යන්න හරි අමාරුයි
01:39
Video thumbnail
ලංකාවේ මිනිස්සු කනාමැදිරි එළියටත් බය වෙන එකත් සාදාරනයි
09:53
Video thumbnail
තෙල් පෝලිම්වල මිනිස්සු හොඳටම ඇවිස්සෙයි
12:04
Video thumbnail
තෙල් පෝලිම් ගැන අනියත බියක් තියෙන්නේ - ජනාධිපතිට පුළුවන් මිනිස්සු හැමදාම සනසන්න කතා කියන්න
05:58
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්නේ මෙන්න මෙහෙමයි
00:58

?