මෙරට හිටපු ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරිගේ මිණිබිරිය නුවරඑළියේ සංචාරයක (වීඩියෝ)

මෙරට බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය අවධියේ දී පාලන කටයුතුවල නිරත වූ සර් විලියම් හෙන්රි ග්‍රෙග‍රි ආණ්ඩුකාරවරයාගේ මිණිබිරිය වන බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය නුවරඑළියේ මේ දිනවල (28) සංචාරයක නිරත වනවා.

ඇය සංචාරයට එක්ව නතර වී සිටින්නේ ඇල්පන් හෝටල් පරිශ්‍රයේ යි.

වර්ෂ 1871 වසරේ සිට 1875 දක්වා සර් විලියම් හෙන්රි මහතා සිව් වසරක කාලයක් නුවරඑළිය ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, නුවරඑළියේ ඇති ජනාධිපති මන්දිරය ද ඒ මහතාට අයත් ගොඩනැගිල්ලක් බවත් සඳහන්.

එම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය රජයේ අවසරයක් නොමැතිව බ්‍රිතාන්‍ය පවුම් 1500කට ශ්‍රී ලංකා රජයට අලෙවි කළ බවයි හන්ඩ් මහත්මිය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණියේ පළමු වරට බවත්; තමන්ට සහ සිය සැමියා වන මායල්ස් හට ජනාධිපති මන්දිරය නැරඹීමට (නුවරඑළියේ පිහිටි) අවසර ලබාදෙන ලෙසට ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් කළ ඉල්ලීමට මෙරට රජය ක්ෂණිකව අවසර ලබාදීම පිළිබඳ ව හන්ඩ් මහත්මිය ලක් රජයට සිය ස්තුතිය පුද කර සිටියා.

ජනාධිපති මැදුර වෙත ගිය තමාව සහ සැමියාව එහි නිලධාරින් උණුසුම් අයුරින් පිළිගෙන තේ පැන් සංග්‍රහයක් ලබා දුන් බවත්, ජනාධිපති මැදුර අක්කර 125කින් සමන්විත භුමියක පිහිටි පෞරාණිකත්වය පිලිබිඹු කරන ගොඩනැගිල්ලක් බවත්, ශ්‍රී ලංකා රජය විසින් එය මනා කොට නඩත්තු කරන බවයි ඇය කියා සිටියේ.

වර්තමානයේ විශාල වටිනාකමකින් යුත් එම ගොඩනැගිල්ල සීමාවන්ට යටත්ව කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන ගොස් එහි ඉතිහාසය ජනතාවට දැනගැනීමට ඉඩ ලබාදෙන ලෙස ද ඇය අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

ඇයගේ සීයා විසින් ඉදි කරන ලද ග්‍රෙගර් වැව නැ‍රඹීමට ද බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය එක්ව ඇති අතර, එය නගරය ම සුන්දරත්වය පත් කරන බවයි සඳහන් කළේ.

ඇය පසුගිය සතියේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකරන ලද ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානයට ද ගොස් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ද සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25