මෙරට ශ්‍රමිකයින්ට කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ඉදිරියේ දී

ධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමූපකාර ධීවර සංවිධානයේ සභාපති ඉම් ජූන් ටයික් අතර මෙම සකච්ඡාව පැවතියා.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොරියානු රජය ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.

දැනට කොරියානු ධීවර රැකියා සදහා ලබාදෙන E-09 වීසා කාණ්ඩය යටතේ බදවාගනු ලබන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහා ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

කොරියානු ධීවර රැකියා සදහා දෙවරක් ගොස් ඇති ශ්‍රමිකයින්ට නැවතවරක් එම රැකියා අවස්ථා ලබාගැනීමට ඇති හැකියාව ගැන ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණක්.

ඒ අනුව E-07 හෝ E -10 කාණ්ඩයේ වීසා බලපත්‍ර හරහා මෙම අවස්ථාව ලබාදීමට ද වැඩිදුරටත් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොරියානු ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින්ට ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසට අමාත්‍යවරයා, කොරියානු ජාත්‍යන්තර සමූපකාර ධීවර සංවිධානයේ සභාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?