මෙරට ලාදුරු රෝගීන් ඉහළට

මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් 10.9%ක් වයස අවුරුදු 15ට අඩු ළමයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර පවසයි.

වර්ෂ 2019 මෙරටින් ලාදුරු රෝගීන් 1792 දෙනෙකු වාර්තා වූ බවත් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතින් බවත් ඇය කීවාය.

මෙරට ලාදුරු ව්‍යාප්තිය අවම කිරීම පිණිස ලාදුරු මාර්දන ව්‍යාපාරය යටතේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන වැඩපිළිවෙළ සමාලෝචනයට ලක්කිරීම නිමිත්තෙන් (20 වැනිදා) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැති රැස්වීමකදී අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය. නිසිලෙස ප්‍රතිකාර ගැනීමෙන් ලාදුරු නිට්ටාවට සුව කළ හැකි බවත් ඇතැම් රෝගීන් අඛණ්ඩව ප්‍රතිකාර නොගැනීම නිසා ගැටලු රැසක් පැන නැගී තිබෙන බවත් ඇය කීවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා සංචරණ සීමා පනවා තිබියදී 2020 වසරේදී ලාදුරු රෝගීන් 1200ක් පමණ වාර්තා වූ බවත් මෙය ඉතා අවදානම් තත්ත්වයක් බවත් ප්‍රකාශ කළේය.

දැනට හඳුනාගෙන තිබෙන ලාදුරු රෝගීන් අතරින් 70%ක් පමණ රෝගය සෙසු අයට බෝකිරීමේ හැකියාව ඇති බවත් ඔවුන්ට වසරක පමණ කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බව ඔහු කීය. රෝග කාරක බැක්ටීරියාව ශරීරගතව ඇතත් වෙනත් අයට රෝගය බෝ කළ නොහැකි අයට ප්‍රතිකාර ලබාගත යුත්තේ මාස හයක පමණ කාලයක් පමණක් බවද අවධාරණය කළේය.

වැලිසර ලාදුරු රෝහලේ රෝගීන් 32ක් පමණ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීවේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ආනල්ඩ්, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල, මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලාදුරු මර්දන මහජන පරීක්ෂක ජානක පනම්පිටිය යන මහත්වරුද සහභාගි වූහ.

කමල් සුරවීර-මහනුවර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?