මෙරට ලාදුරු රෝගීන් ඉහළට

මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් 10.9%ක් වයස අවුරුදු 15ට අඩු ළමයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර පවසයි.

වර්ෂ 2019 මෙරටින් ලාදුරු රෝගීන් 1792 දෙනෙකු වාර්තා වූ බවත් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතින් බවත් ඇය කීවාය.

මෙරට ලාදුරු ව්‍යාප්තිය අවම කිරීම පිණිස ලාදුරු මාර්දන ව්‍යාපාරය යටතේ දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන වැඩපිළිවෙළ සමාලෝචනයට ලක්කිරීම නිමිත්තෙන් (20 වැනිදා) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැති රැස්වීමකදී අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය. නිසිලෙස ප්‍රතිකාර ගැනීමෙන් ලාදුරු නිට්ටාවට සුව කළ හැකි බවත් ඇතැම් රෝගීන් අඛණ්ඩව ප්‍රතිකාර නොගැනීම නිසා ගැටලු රැසක් පැන නැගී තිබෙන බවත් ඇය කීවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන කොවිඩ් තත්ත්වය හමුවේ රට වසා සංචරණ සීමා පනවා තිබියදී 2020 වසරේදී ලාදුරු රෝගීන් 1200ක් පමණ වාර්තා වූ බවත් මෙය ඉතා අවදානම් තත්ත්වයක් බවත් ප්‍රකාශ කළේය.

දැනට හඳුනාගෙන තිබෙන ලාදුරු රෝගීන් අතරින් 70%ක් පමණ රෝගය සෙසු අයට බෝකිරීමේ හැකියාව ඇති බවත් ඔවුන්ට වසරක පමණ කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි බව ඔහු කීය. රෝග කාරක බැක්ටීරියාව ශරීරගතව ඇතත් වෙනත් අයට රෝගය බෝ කළ නොහැකි අයට ප්‍රතිකාර ලබාගත යුත්තේ මාස හයක පමණ කාලයක් පමණක් බවද අවධාරණය කළේය.

වැලිසර ලාදුරු රෝහලේ රෝගීන් 32ක් පමණ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීවේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ආනල්ඩ්, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල, මධ්‍යම පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලාදුරු මර්දන මහජන පරීක්ෂක ජානක පනම්පිටිය යන මහත්වරුද සහභාගි වූහ.

කමල් සුරවීර-මහනුවර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09