මෙරට පාකිස්ථාන මහ කොමසාරිස්වරයා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිව හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් Nayyar Naseer HI (M), ඊයේ (11) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවුණා.

මෙහිදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා වෙත ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළා.

දෙපාර්ශ්වය අතර පැවැති මෙම සුහද සාකච්ඡාවේ දී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා.

ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා සහ කලාපීය ආරක්‍ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත්තා.

තවද, ආපදා කළමනාකරණය ජාතික ආරක්‍ෂාවේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව දෙපාර්ශවයම පිළිගත් අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ආපදාවන්ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින්, ක්‍රියාකාරී මනා සම්බන්ධීකරණයකින් යුත් සහ තාක්‍ෂණය පදනම් කරගත් ප්‍රතිචාර දැක්වීමක ඇති වැදගත්කම ද මෙහිදී තවදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම, දේශසීමා ඉක්මවා යන සමුද්‍රීය අපරාධ, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මතුවෙමින් පවතින තර්ජනයන් පිළිබඳව ද අවධානය යොමු වුණා.

මෙම අභියෝග සදහා සාර්ථකව මුහුණ දීම සඳහා තවදුරටත් තාක්‍ෂණික සහ සහයෝගීතා සහාය අවශ්‍ය බව දෙපාර්ශවයම පිළිගත්තා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්‍ෂක උපදේශකවරයා ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40