මෙරට නවතම කොවිඩ් තත්ත්වය

දින 100 ක් ඇතුළත මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් මිලියනය දක්වා වර්ධනය විය හැකි බවට, සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර, තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2,478 දෙනෙක් අද මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 147680 ක්.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව ද 981 ක්.

කොවිඩ් නයින්ටීන් ආසාදිත තවත් මරණ 19 ක් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඉන් වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඊයේ වාර්තා වූ ආසාදිත මරණවලින් 14 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර, සෙසු පස්දෙනා කාන්තාවන්.

එම මරණ 19 න් 14 ක් වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මේ අතර, කොවිඩ් නයින්ටීන් ආසාදිතව කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා මියගොස් තිබෙනවා.

මියයනවිට ඔහු 80 වැනි වියේ පසුවුණා.

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිදුවන සියලුම කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සිය වියදමින් ආදාහනය කිරීමට බේරුවල ප්‍රාදේශීය සභාව අද තීරණය කළා.

මෙරටින් ඊයේ දිස්ත්‍රික්ක 23 ක් ආශ්‍රිතව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2,456 දෙනෙක් වාර්තා වුණා.

ඉන් 2,433 දෙනෙකුම අලුත් අවුරුදු පොකුර ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින්.

විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 23 දෙනෙකු ද ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 677 ක්.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 255 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 254 දෙනෙකුම වාර්තා වී ඇත්තේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන්.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නාගොඩ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණයෙකු අද පෙරවරුවේ රෝහලෙන් පලාගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා බේරුවල පිහිටි සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ භාරයට ගෙන යළි රෝහල් ගතකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එම ආසාදිතයා රෝහලෙන් පිටතට පැමිණ කිලෝ මීටර් 04 ක් පමණ ඇවිද ගොස් ඇති අතර, පසුව ත්‍රීරෝද රථයකින් බේරුවල පරණගොඩ පිහිටි සිය නිවසට ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ අනුව ත්‍රීරෝද රථ රියදුරා ද නිරෝධායනය කිරීමට පියවර ගැනුණා.

යටියන්තොට, කිතුල්ගල, හෙල්අරඹ ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ තවත් 08 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමෙන් බගවන්තලාව, සිරිපුර ප්‍රදේශයේදී පසුගිය දා මියගිය අඹුසැමි යුවළගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පැවසුවේ, කොවිඩ් නයින්ටීන් ආසාදනය වී දැනට ප්‍රතිකාර ලබමින් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයින් තුන්දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවයි.

කඩුගන්නාව පොලිස් ස්ථානයේ නිලධාරීන් තුන්දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව, කඩුගන්නාව පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිලධාරීන් ඡක්‍ඍ පරීක්‍ෂණවලට යොමුකිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09