මෙරට දුම්වැටි භාවිතය ගැන විශේෂ හෙළිදරව්වක් – දුම්වැටි භාවිත කරන ඔබ දැනගත යුතුම දෙයක් මේ

ඔබත් දුම්වැටි භාවිත කරන කෙනෙක්ද..? මේ කියන්න යන්නේ දුම්වැටි භාවිත කරන ඔබට කල්පනා කරන්න ඕනේ දෙයක් ගැනයි. ලංකාවේ භාවිත කරන දුම්වැටිවලින් සියයට 21 ක්ම නීතිවිරෝධී ලෙස භාවිත කරන ඒවා බව සොයාගෙන තිබෙනවා.

පර්යේෂණ බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙන්නේ නීති විරෝධී නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව පෙන්නුම් කරමින් ‘කොවිඩි 19’ වසංගතයට පෙර වසරවල් ඇතුළු පුළුල් කාලසීමාවක දී දීපව්‍යාප්ත පුද්ගලයන්ගෙන් සියයට 56ක් නීති විරෝධී දුම්වැටි නිෂ්පාදන පරිභෝජනය කර ඇති බවයි.
නීති විරෝධී දුම්කොළ පරිභෝජනය දිගුකාලීන අභියෝගයක් බවත් ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පවසන පර්යේෂණ බුද්ධි ඒකකය එයට පිළියම් නොයෙදුවහොත් රජයට හිමිවිය යුතු ඉතා විශාල ආදායමක් නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන් විසින් කොල්ලකන බව පෙන්වා දෙයි.

පර්යේෂණ බුද්ධි ඒකකය සඳහන් කරන්නේ නීති විරෝධී දුම්වැටි වෙළෙඳපොළේ වර්ධනය මැඬපැවැත්වීම සඳහා රජය වඩාත් පුළුල් ප්‍රායෝගික දුම්කොළ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?