මෙරට කොවිඩ් ව්‍යාප්තිය ගැන මේ දැන් ලැබුණු අසුබ ආරංචිය – සෞඛ්‍ය අංශ හෙළි කරයි

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1128 දෙනෙකු වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 290,705ක්.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 997 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 264755ක්.

මේ අතර ඊයේ දිනයේදී අලුතින් ඩෙල්ටා ආසාදිතයින් 10 දෙනෙකු හමුවීමත් සමඟ සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් කරන්නේ “ඩෙල්ටා රැල්ලක්” ඇති විය හැකි බවටයි.මේ අතර, වැඩිහිටියන් සහ ළමයින් අතර සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.


චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ටීනියා නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ඇතිවිය හැකියි.


මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6ක කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.

මේ අතර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ දිනයේ වාර්තා වුණා.පසුගිය මාසය තුළ පමණක් එවැනි මරණ 4ක් වාර්තා වී ඇති බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?