මෙරට කොවිඩ් ව්‍යාප්තිය ගැන මේ දැන් ලැබුණු අසුබ ආරංචිය – සෞඛ්‍ය අංශ හෙළි කරයි

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1128 දෙනෙකු වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 290,705ක්.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 997 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 264755ක්.

මේ අතර ඊයේ දිනයේදී අලුතින් ඩෙල්ටා ආසාදිතයින් 10 දෙනෙකු හමුවීමත් සමඟ සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් කරන්නේ “ඩෙල්ටා රැල්ලක්” ඇති විය හැකි බවටයි.මේ අතර, වැඩිහිටියන් සහ ළමයින් අතර සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.


චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ ටීනියා නැමති මෙම දිලීරය ආසාදිත චර්ම රෝගීන් උතුරුමැද ඇතුලු ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවයි.පාරිසරික හේතු, ඖෂධවල අසාත්මිකතාවන් සහ සමාජ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ලෙස මෙම දිලීරය ඇතිවිය හැකියි.


මෙය ආසාදනය වුවහොත් සුවය ලැබීම සඳහා මාස 6ක කාලයක් ප්‍රතිකාර ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.

මේ අතර, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ දිනයේ වාර්තා වුණා.පසුගිය මාසය තුළ පමණක් එවැනි මරණ 4ක් වාර්තා වී ඇති බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ සඳහන් කළේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39