මෙරට එක පළාතක් හැර අනෙකුත් පළාත්වල වායු දූෂණය ඉහළට

දකුණු පළාතේ හැර සෙසු සියලු ප්‍රදේශවල වායුගෝලයේ දූවිලි ඝණත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

එහි පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පවතින කාලගුණ තත්වය සහ ආසියාතික රටවල වායු දූෂණය ඊට හේතු වී ඇති බවයි.

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ චීනය වැනි රටවල වායු දූෂණයත් සමග එම දුහුවිලි අංශු සුළං ධාරාවන් මගින් මෙරට වායුගෝල කලාපයට එක් වන බව ඔහු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?