මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරේ

මෙරට ආර්ථික ස්ථායීකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාවට ඉදිරිපත් කිරීම පසුගියදා සිදුවිය. ඒ උක්ත අනු කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී වෛද්‍ය වෘත්තීය සමිති නියෝජනය කරමින් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ ඖෂධ, ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් ආර්ථික ස්ථායීකරණ කමිටුව මගින් නිර්දේශිත විසඳුම් සහ යෝජනා සහ තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා බොහෝ සෙයින් සමාන බවයි.

තවද රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සීමාවට ගෙන ඒම හේතුවෙන් සේවය කිරීමට කැමැති, වැඩ කිරීමේ හැකියාව සහිත අයව වේලාසනින් අකැමැත්තෙන් විශ්‍රාම යවන ගමන්, රාජ්‍ය සේවයෙන් ඉවත් වූ අයට පෞද්ගලික හෝ විදේශ සේවයේ යෙදීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරීමේ සූදානමක් ද පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය චන්දන ධර්මරත්න මහතා ප්‍රකාශ කළේය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව අනුව අවු. 5 ට අඩු දරුවන්ගෙන් 50%කට මන්දපෝෂණය බවත්, ගර්භණී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවට අදාළ තොරතුරු ජනතාව සමඟ සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිව නිර්මාණය කරන ලද ‘වෙබ් අඩවිය’ ද ජනගත කරනු ලැබුවා.

https://youtu.be/K2nV6eJAkdg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?