මෙරටින් මැදපෙරදිගට යන ගුවන් යානාවල නවතම තත්ත්වය ගැන දැනුම්දීමක්

මැදපෙරදිග කලාප‍යේ බොහොමයක් රටවල සිය ගුවන් කලාපය (Aero Space) අද (24) දින අලුයම 01.00 පමණ සිට යළි විවෘත කර ඇති බැවින් , එම කලාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව පැමිණෙන බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

අද පෙරවරු 09ට පමණ දසත ගුවන් තොටුපොළ වාර්තාකරු වෙත අදහස් දක්වමින් ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපතිනිය සඳහන් කර ඇත්තේ, කටාර් රාජ්‍යයේ ගුවන් කලාපය වසා දමා තිබුණ ද, ඉතා සීමිත පරිදි සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

අද උදෑසන වනවිට මැදපෙරදිග කලාපයේ රටවල් වෙත හරවා යවා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව ද රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවා.

කටාර් රාජ්‍යයේ දෝහා සිට ඊයේ (23) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානය මෙතෙක් පැමිණ නැති අතර , කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ද , නිශ්කාශන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව ද ප්‍රකාශ කර තිබෙනවා.

මැදපෙරදිග බලා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානාවල නිශ්කාශන කටයුතු අද දින පස්වරු 02.30 සිට ආරම්භ කරන අතර අනෙකුත් ගුවන් ගමන්, ප්‍රමාද වීමකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54