spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මෙරටට වාහන ආනයනය කිරීමේ මාර්ග සිතියම එළිදකී

ඉදිරියේ දී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (15) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟ පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිළිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි.

ඒ, අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිතවලට සෘජුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.

එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිශ්චිත වැඩපිළිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහ බැංකුව, වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින්, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇතිවන සියළු කණ්ඩායම් ඇතුළත් වන පරිදි එම කමිටුවක් පත් කළ බව ද අමාත්‍යාවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ දී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතායන් සඳහා යොදාගන්නා වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන, මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරුපැදි හා මෝටර්රථ හා සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

විද්‍යුත් වාහන ආනයනය කිරීම කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
2
+1
63
+1
7
+1
3
+1
15
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?