මෙරටට වාහන ආනයනය කිරීමේ මාර්ග සිතියම එළිදකී

ඉදිරියේ දී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (15) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟ පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිළිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි.

ඒ, අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිතවලට සෘජුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ බවයි ඔහු සඳහන් කළේ.

එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිශ්චිත වැඩපිළිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහ බැංකුව, වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින්, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇතිවන සියළු කණ්ඩායම් ඇතුළත් වන පරිදි එම කමිටුවක් පත් කළ බව ද අමාත්‍යාවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ දී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතායන් සඳහා යොදාගන්නා වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන, මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරුපැදි හා මෝටර්රථ හා සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

විද්‍යුත් වාහන ආනයනය කිරීම කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

  1. විදුලි වාහන ගේන්න තරම් ආර්ථිකයක් අපේ රටේ නෑ ඒවා අවුරුදු පහකින් ඉවත් කරන්න වෙනවා ,පරිසර හිතකාමී නිසා ද ඉන්දියානු ත්‍රීවීල් රටට ගේන්නේ,හොදම ටිකක් පරන ජපන් වාහන ගේන එක ,ගොන් ඇමති ලට තේරුම් ගන්න පුළුවන් වෙයිද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23