මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ධනපතියා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තැබූ සටහන

ඉකුත් 12 වන දා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

“ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ යෝග්‍යතාව පිළිබඳව දැන ගැනීම සඳහා පැමිණි ගමන අවසන් කළා. ඒ ගමන අවසන් කර ආපසු පැමිණියේ ශ්‍රී ලංකා රජය ගැන, කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාර වගේ ම, මට හමුවුණු ව්‍යාපාර අවස්ථා ගැන විස්මයට පත් වෙලා. ශ්‍රී ලංකාව කියන්නේ විශිෂ්ට අනාගතයක් තියෙන සැබෑ මැණිකක්.”

යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත.

Just finished a trip to learn first hand about SL’s suitability as a manufacturing location for electronics. Came away highly impressed by govt of @PresRajapaksa and its pandemic response as well as the businesses I met. SL is a true gem with a great future. #GoSL #SriLanka
— Nat Rothschild (@NatRothschild1) January 21, 2021

මාලදිවයිනේ සංචාරයක් නිමා කිරීමෙන් පසු ඔහු ඉකුත් දා තම පෞද්ගලික ජෙට් යානයෙන් මෙරටට පැමිණියේ ය.

නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන අතර ස්විට්සර්ලන්තයේ පදිංචි ජේකොබ් රොත්ස්චයිල්ඩ්ගේ එක ම පුතු වන ඔහු තම පියාගේ දේපළෙහි උරුමක්කරු බව පැවසේ.

ඔහු විශාල පරාසයක විහිදුණු ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකි.

මෙම සංචාරය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද්දක් වන අතර එය ව්‍යාපාරික අරමුණු පදනම්ව සංවිධානය කරන ලද සංචාරයක් බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?