මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ධනපතියා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තැබූ සටහන

ඉකුත් 12 වන දා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

“ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ යෝග්‍යතාව පිළිබඳව දැන ගැනීම සඳහා පැමිණි ගමන අවසන් කළා. ඒ ගමන අවසන් කර ආපසු පැමිණියේ ශ්‍රී ලංකා රජය ගැන, කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාර වගේ ම, මට හමුවුණු ව්‍යාපාර අවස්ථා ගැන විස්මයට පත් වෙලා. ශ්‍රී ලංකාව කියන්නේ විශිෂ්ට අනාගතයක් තියෙන සැබෑ මැණිකක්.”

යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත.

Just finished a trip to learn first hand about SL’s suitability as a manufacturing location for electronics. Came away highly impressed by govt of @PresRajapaksa and its pandemic response as well as the businesses I met. SL is a true gem with a great future. #GoSL #SriLanka
— Nat Rothschild (@NatRothschild1) January 21, 2021

මාලදිවයිනේ සංචාරයක් නිමා කිරීමෙන් පසු ඔහු ඉකුත් දා තම පෞද්ගලික ජෙට් යානයෙන් මෙරටට පැමිණියේ ය.

නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන අතර ස්විට්සර්ලන්තයේ පදිංචි ජේකොබ් රොත්ස්චයිල්ඩ්ගේ එක ම පුතු වන ඔහු තම පියාගේ දේපළෙහි උරුමක්කරු බව පැවසේ.

ඔහු විශාල පරාසයක විහිදුණු ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකි.

මෙම සංචාරය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද්දක් වන අතර එය ව්‍යාපාරික අරමුණු පදනම්ව සංවිධානය කරන ලද සංචාරයක් බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11