මෙරටට එන විදේශිකයින්ට කුලියට වාහන දෙන අයට පොලිසියෙන් රතු එළියක්

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේ දී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා බරපතළ අනතුරුවලට ලක්ව ඇති බවට පොලීසියට නිරීක්ෂණය වී ඇති බවයි.

විදේශිකයන්ට ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බව ද පොලිසිය පවසනවා.

එමෙන්ම ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් හෝ නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම තත්ත්වය වලක්වාගැනීම හා පාලනය කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස යම් විදේශිකයෙකු ත්‍රිරෝද රථ පදවන අවස්ථාවක දී, ඔහුට වලංගු බලපත්‍රයක් නොමැති නම් එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කර, ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

එමෙන්ම විදේශිකයන් සඳහා වාහන ලබාදීමේ දී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබාදීමේ දී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේ ද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාළ වාහන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලීසිය සංචාරකයන් සඳහා වාහන ලබාදෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?