AFC Banner
Empty Ad
Empty Ad

මෙයාලා ගහන ගැහිලි එක්ක යහපාලනේ ගැහිලි කැලේ

යහපාලන ආණ්ඩුව බැඳුම්කර මගඩියෙන් සිදුකළ වංචාව දෙවැනි තැනට ඇද දමමින් හොරකම්වලින්, වංචාවලින් පළමු තැනට පැමිණීමට සෞභාග්‍යයේ දැක්ම ආණ්ඩුව සමත් වී ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“යහපාලන කොම්පැණිය බැඳුම්කර බිස්නස් එක හරහා රුපියල් බිලියන 11 ක් ලාභ ලබන කොට ‍සෞභාග්‍යයේ දැක්ම කොම්පැනිය බිලියන 15 ඉක්මවන ලාභයක් ලබලා පසුගිය ආණ්ඩුවේ හොරකම්, වංචා සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බව කියමින් බලයට ආපු වත්මන් ආණ්ඩුවත් ඊට වඩා නොදෙවෙනි හොර කණ්ඩායමක් බව ජනතා විමුක්ති පෙරමුණ දැනසිටියා. ඒක්ද වනවිට ඔප්පු වෙලා තියෙනවා. මේ කණ්ඩායම් දෙකම උත්පත්තියෙන්ම හොරකම, වංචාව, දූෂණය උරුම කරගෙන පැමිණි අය”

https://soundcloud.com/gossiplankanewswebsite/q4ixfzake5em
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?