මෙම වසරේ රිය අනතුරු 2,545ක් – මියගිය සංඛ්‍යාවේ ද ඉහළයාමක්

2025 වසරේ මේ දක්වා කාලය තුළ මාර්ග රිය අනතුරු 2,545ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

එම මාර්ග රිය අනතුරුවලින් පුද්ගලයින් 2,692ක් මියගොස් ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර සඳහන් කළේ.

අද (29) පෙරවරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවා.

මේ අතර පසුගිය 2024 වසරට සාපේක්ෂව මෙම වසර තුළ මාර්ග රිය අනතුරු 272කින් වැඩි වී ඇති බවත්, මියගිය සංඛ්‍යාව ද 317කින් ඉහළ ගොස් ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?