බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය තුළ සෝදිසි මෙහෙයුම් 72ක්

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ (26) දිනය දක්වා කාලය තුළ, බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුම් 72ක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

එම මෙහෙයුම්වල දී ජංගම දුරකථන 133ක්, සිම් කාඩ්පත් 159ක් සහ දුරකථන චාජර් 110ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව එම කාලය තුළ ඩේටා කේබල් 122ක්, මෙමරි කාඩ් 02ක්, ජංගම දුරකථන බැටරි 12, හෑන්ඩ් ෆ්‍රී 56ක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පොලිසිය පැවසුවේ මෙම මෙහෙයුම්වල දී පිහි 03ක්, දුම්වැටි කොටස් 12ක්, හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 850ක් සහ දුම්කොළ ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 12ක් ද සොයාගත් බවයි.

මේ අතර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරි හා භූමියේ පසුගිය 24 වනදා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එහිදී විශේෂ අංශයේ A කොටසේ සිර මැදිරි තුළ තිබී ස්මාර්ට් ජංගම දුරකථන 02ක්, දුරකථන චාජ 02ක්, ඩේටා කේබල් 03ක්,
වාජ කොටස් එකක්, වයර් කැබලි 03ක්, ඇඩැප්ටර් 01ක්, දුම්කොළ කැබලි 02ක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස සොයාගත් දේපළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පලානධිකරණය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?