බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය තුළ සෝදිසි මෙහෙයුම් 72ක්

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ (26) දිනය දක්වා කාලය තුළ, බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුම් 72ක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

එම මෙහෙයුම්වල දී ජංගම දුරකථන 133ක්, සිම් කාඩ්පත් 159ක් සහ දුරකථන චාජර් 110ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව එම කාලය තුළ ඩේටා කේබල් 122ක්, මෙමරි කාඩ් 02ක්, ජංගම දුරකථන බැටරි 12, හෑන්ඩ් ෆ්‍රී 56ක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම පොලිසිය පැවසුවේ මෙම මෙහෙයුම්වල දී පිහි 03ක්, දුම්වැටි කොටස් 12ක්, හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 850ක් සහ දුම්කොළ ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 12ක් ද සොයාගත් බවයි.

මේ අතර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරි හා භූමියේ පසුගිය 24 වනදා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එහිදී විශේෂ අංශයේ A කොටසේ සිර මැදිරි තුළ තිබී ස්මාර්ට් ජංගම දුරකථන 02ක්, දුරකථන චාජ 02ක්, ඩේටා කේබල් 03ක්,
වාජ කොටස් එකක්, වයර් කැබලි 03ක්, ඇඩැප්ටර් 01ක්, දුම්කොළ කැබලි 02ක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස සොයාගත් දේපළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පලානධිකරණය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16