මෙම වසරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 341 නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ඊයේ (26) මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගත් බවයි.

එහිදී ධීවර කටයුතු සඳහා පැමිණි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය මගින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර ඉන්දීය ධීවරයින් අටදෙනා (08) තලෙයිමන්නාරම වෙත රැගෙන විත් තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන්, ඉදිරි නීතිමය කටයුතු තලෙයිමන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය විසින් සිදු කරනු ඇති.

මේ අතර මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 46ක් සහ ඉන්දීය ධීවරයින් 341 දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?