මෙම වසරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 341 නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ ඊයේ (26) මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගත් බවයි.

එහිදී ධීවර කටයුතු සඳහා පැමිණි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය මගින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර ඉන්දීය ධීවරයින් අටදෙනා (08) තලෙයිමන්නාරම වෙත රැගෙන විත් තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන්, ඉදිරි නීතිමය කටයුතු තලෙයිමන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය විසින් සිදු කරනු ඇති.

මේ අතර මෙම මෙහෙයුමත් සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 46ක් සහ ඉන්දීය ධීවරයින් 341 දෙනෙකු නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46