මෙනූ එකේ එළු මස් නොතිබූ නිසා මඟුලක් නවතී

මනාලියගේ පාර්ශ්වය විසින් පිළියෙළ කළ නිර්මාංශ නොවන ආහාර වේලට එළු මස් ව්‍යංජනය ලබා නොදීම හේතුවෙන් විවාහ මංගල්‍යයක් අවලංගු කළ පුවතක් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මනාලයාගේ පවුලේ සාමාජිකයින් විසින් කෝපයට පත්ව මෙලෙස විවාහ මංගල්‍යය අවලංගු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය වෙනුවෙන් මනාලියගේ පවුලේ අය මනාලයාගේ ඥාතීන් ඇතුළු අමුත්තන් සඳහා නිර්මාංශ නොවන ආහාර වේලක් පිළියෙළ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් එම ආහාර වේල සඳහා එළු මස් ව්‍යංජනය එක්කර නොතිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස එළු මස් ව්‍යංජනයක් ආහාර වේල සඳහා එක්කර නොතිබීම තමන්ට සිදුකළ අපාහසයක් බව පවසා ඇති මනාලයාගේ ඥාතීන් එහිදී ගැටුමක් ඇතිකර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ගැටුම සමථයකට පත්කර ඇති අතර, එහිදී මනාලයාගේ ඥාතීන් චොදනා කර ඇත්තේ මනමාලියගේ පවුලේ අය හිතාමතාම එළුමස් ව්‍යංජනය කෑම මෙනුවේ නොමැති බව තමන්ගෙන් වසන් කළ බවයි.

කෙසේ වෙතත් අවසානයේ මෙම විවාහ මංගල්‍ය සිදුනොවන බව පවසමින් මනාලයාගේ පාර්ශ්වයේ අය පිටව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
27
+1
1
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?