මෙනූ එකේ එළු මස් නොතිබූ නිසා මඟුලක් නවතී

මනාලියගේ පාර්ශ්වය විසින් පිළියෙළ කළ නිර්මාංශ නොවන ආහාර වේලට එළු මස් ව්‍යංජනය ලබා නොදීම හේතුවෙන් විවාහ මංගල්‍යයක් අවලංගු කළ පුවතක් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මනාලයාගේ පවුලේ සාමාජිකයින් විසින් කෝපයට පත්ව මෙලෙස විවාහ මංගල්‍යය අවලංගු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය වෙනුවෙන් මනාලියගේ පවුලේ අය මනාලයාගේ ඥාතීන් ඇතුළු අමුත්තන් සඳහා නිර්මාංශ නොවන ආහාර වේලක් පිළියෙළ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් එම ආහාර වේල සඳහා එළු මස් ව්‍යංජනය එක්කර නොතිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස එළු මස් ව්‍යංජනයක් ආහාර වේල සඳහා එක්කර නොතිබීම තමන්ට සිදුකළ අපාහසයක් බව පවසා ඇති මනාලයාගේ ඥාතීන් එහිදී ගැටුමක් ඇතිකර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම ගැටුම සමථයකට පත්කර ඇති අතර, එහිදී මනාලයාගේ ඥාතීන් චොදනා කර ඇත්තේ මනමාලියගේ පවුලේ අය හිතාමතාම එළුමස් ව්‍යංජනය කෑම මෙනුවේ නොමැති බව තමන්ගෙන් වසන් කළ බවයි.

කෙසේ වෙතත් අවසානයේ මෙම විවාහ මංගල්‍ය සිදුනොවන බව පවසමින් මනාලයාගේ පාර්ශ්වයේ අය පිටව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
59වෙනි උපන්දිනය සරලව සැමරු ටී.බී සරත්
03:06
Video thumbnail
බන්ධනාගාර සිද්ධිවල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
08:48
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42