මෙන්න යනවා නම් වෙඩින් – මනාල යුවළගෙන් ඩොලර්වලින් තෑගි

පසුගිය කාලයේ ලෝකයේම කතා බහට ලක් වූ විවාහ ගිවිසගැනීමක් වූයේ ප්‍රකෝටිපතියෙක් වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයාවන අනන්ත් අම්බානිගේ විවාහ ගිවිසගැනීමයි.

ඔහුගේ විවාහ ගිවිසගැනීමේ උත්සවයේ උණුසුම පහව යන්නටත් පෙර තවත් සුඛෝපභෝගී විවාහ මංගල උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මංගල උත්සවය ‘Crazy Rich Asians’ නැමැති චිත්‍රපටය සිහිගන්වන බවයි.

මෙම අති සුඛෝපභෝගී විවාහ මංගල උත්සවයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංචාරක බලපෑම්කරුවෙක් වන Dana Chang විසින් ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

චීනයේ පැවති මෙම විවාහ මංගල උත්සවයට පැමිණෙන අමුත්තන්ගේ සියලු වියදම් මංගල උත්සවයේ යුවළ විසින් දරා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අමුත්තන් වෙනුවෙන් චීනයේ තරු පංතියේ හෝටලයක දින පහකට නවාතැන් පහසුකම් සලසා දෙමින් ඔවුන්ගේ පුද්ගලික ගමන් බිමන් වෙනුවෙන් අති නවීන පන්නයේ රෝල්ස් රොයිස් සහ බෙන්ට්ලි වර්ගයේ මෝටර් රථ ලබා දී ඇති බව සඳහන්.

මේ අතර චීන මංගල උත්සවවල දී, අමුත්තන් නව යුවල සඳහා මුදල් පිරවූ සාම්ප්‍රදායික “රතු කවරයක්” ගෙන එන අතර මෙම විවාහ මංගල උත්සවයේ මංගල යුවල විසින් අමුත්තන්ගෙන් ත්‍යාග මුදල් හෝ තෑගි භෝග ලබාගෙන නොමැති බවයි වාර්තා වුණේ.

ඒ, වෙනුවට මංගල යුවල විසින් උත්සවයට පැමිණි අමුත්තන් වෙනුවෙන් එක් අයෙකුට ඩොලර් 800ක මුදක් ත්‍යාග වශයෙන් පිරිනමා තිබෙනවා.

ඊට අමතරව විවාහ මංගල උත්සවය වෙනුවෙන් පැමිණි අමුත්තන්ට ඒ සඳහා පැමිණීමට සහ ආපසු යෑමට ගුවන් ගමන් පහසුකම් ද සළසා දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?