මෙන්ඩිස් සහ අසිතට ඇමරිකානු වීසා ප්‍රමාදයක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපදයට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්වන කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට වීසා බලපත්‍රය තවමත් ලැබී නොමැති බව වාර්තා වනවා.

ඒ, අනුව වීසා ලැබුණු වහාම ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයි සහ සහාය කාර්ය මණ්ඩලය අද (14) පෙරවරුවේ ඇමරිකාව බලා පිටත්ව ගියා.

ඔවුන් පළමුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
6
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?