AFC Banner
AFC Banner
Empty Ad

මෙන්ඩිස්ගෙන් අඟනා අර්ධ ශතකයක්

සිය 12 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් අද (08) සමත් වුණා.

ඒ, නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයේදීයි.

පන්දු 37ක් තුළ රැස්කළ මෙම අර්ධ ශතකයට හයේ පහර 04ක් සහ හතරේ පහර 04ක් ඇතුළත්.

කුවින්ස්ටවුන් ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත නායක ටොම් ලේතම්ගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා පිළ පන්දුවට පහර දෙමින් සිටිනවා.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 76කට සීමාකරමින් ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 25කට දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?