AFC Banner
Empty Ad
Empty Ad

මෙන්ඩාගෙන් වේගවත් ශතකයක්

කුසල් මෙන්ඩිස් වේගවත් මෙන් ම ප්‍රවේසම්කාරී ශතකයක් ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට පකිස්ථානයට එරෙහි ව හයිද්‍රාබාද් හි පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 08 වැනි තරගයට එක්වෙමින්.

මෙන්ඩිස් අද දිනයේ දී ලබා ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 03 වැනි ශතකයයි.

එම ශතකය පන්දු 65ක දී ලබා ගැනීම ද විශේෂත්වයක්.

ඊට දැවැන්ත හයේ පහර 02ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

මෙන්ඩිස් සමග මේ වනවිට තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ සදීර සමරවික්‍රම යි.

සදීර ද නොදැවී ලකුණු 34ක් ලබාගෙන සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26ක් කෙළවර කඩුලු 02ක් දැවී ලකුණු 199ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?