මෙදා අවුරුද්දට ගිනිකෙළි දල්වන්නත් බැරි වෙයි

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනවලින් අඩක්වත් අලෙවි කර ගැනීමට නොලැබුණු බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය පැවසීය.

ගිනිකෙළි නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමග රතිඤ්ඤා, නිලා කූරු සහ බඹර චක්‍ර ආදී නිෂ්පාදන වෙනුවෙන් පෙර වසරට වඩා වැඩි නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවූ බව එම සංගමයේ සභාපති දිනේශ් ප්‍රනාන්දු අරුණට කීවේය.

මේ හේතුවෙන් රුපියල් 20 -30කින් පමණ සියලුම ගිනිකෙළි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇතැයිද හෙතෙම පැවසීය.

කොවිඩ් නිසා අපිට පසුගිය වසර දෙකේම හොඳ අලෙවියක් තිබුණේ නැහැ. අපි හිතුවා මේ අවුරුද්දෙ හරි ඒක හරි යයි කියලා. නමුත් මේ අවුරුද්දේ එහෙම වුණේ නැහැ. රටේ ආර්ථික පසුබෑම එක්ක හැමදේම ඉහළ ගියා. අපේ කුඩා නිෂ්පාදනකරුවන්ට රැකියා පවා අහිමි වෙලා. අලුත් අවුරුද්දට දින ළං වුවත් තවමත් රතිඤ්ඤාවත් මිනිස්සු අරගෙන ගිහින් නැහැ. අලෙවිය ඉතාම අඩුයි. නිෂ්පාදනය කරන්න ගිය මුදලවත් අපිට දැන් හොයාගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ.’’යැයිද සභාපතිවරයා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?