මෙට්ටයක් නිසා දුම්රියක් අතරමග (ඡායාරූප)

දුම්රිය මාර්ගයේ වේලිම සඳහා දමා තිබූ මෙට්ටයක් හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය අතරමග නතර වීමේ සිදුවීමක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද පෙරවරුවේ මෙලෙස නතර වී ඇත්තේ හලාවත සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්.

දුම්රිය මාර්ගය අසල පදිංචිකරුවෙකු විසින් වේලීම සඳහා දුම්රිය මාර්ගයේ දමා තිබූ මෙට්ටයක් දුම්රියට හසුවීම හමුවේ දුම්රියේ වෑල් එකක් කැඩී ගොස් තිබෙනවා.

එය යථා තත්වයට පත් කර ගැනීම සඳහා පැයක පමණ කාලයක් දුම්රිය නතර කර තැබීමට සිදුවූ බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?