මූල්‍ය වංචා වරෙන්තු 30ක් ඇති අඹු-සැමි යුවළක් අත්අඩංගුවට

පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා මූල්‍ය වංචා සිදු කරමින් වව්නියාවේ නිවසක සැඟව සිටි වරෙන්තු 30ක් පවතින අඹු – සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (21) දහවල් මෙම සැකකරු සහ සැකකාරිණිය අත් අඩංගුවට ගත් බවයි වව්නියාව පොලිසිය පැවසුවේ.

මෙම යුවළ පුද්ගලයින්ව රුමේනියාවේ රැකියා සඳහා යවන බවට දන්වමින් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වංචා කර තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකාර අඹු – සැමි යුවළට විරුද්ධව ඒරාවුර් අධිකරණය තුළ වරෙන්තු 30ක් ඇති බවත්, ස්වාමිපුරුෂයාට විරුද්ධව වරෙන්තු 16 ක් ද, බිරිඳට එරෙහිව වරෙන්තු 14 ක් ද පවතින බව හෙළි ව තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 55ක පුද්ගලයෙකු වන බවත්, බිරිඳ වයස අවුරුදු 48ක තැනැත්තියක් වන බව ද පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුද්ගලයින් 28 දෙනෙකුට වැඩි පිරිසක් විදෙස්ගත කරන බවට පවසා මුල්‍ය වංචා සිදුකර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?