මූල්‍ය බංකලොත්භාවයක් රජය ප්‍රකාශ නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි (වීඩියෝ)

මූල්‍ය බංකලොත්භාවයක් රජය විසින් ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේප්‍රකාශ කර තිබෙනවා.

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැඳවා තිබූ අවස්ථාවේදී යි ඔහු මේ බව කියාසිටියේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

මෙහිදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළේ රජය විසින් මුල්‍ය බංකලොත් භාවයක් ප්‍රකාශයට පත් නොකළ බවයි.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කළේ තෝරාගත් ණය, යම්කිසි කාලසීමාවකට ගෙවීම තාවකාලිකව අත්හිටුවීම පමණක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව මුල්‍ය බංකලොත් භාවය යන යෙදුම භාවිත කිරීම තාක්ෂණික වශයෙන් නිවැරදි නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් යම්කිසි කාලසීමාවකට ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ගනු ලැබූ තීරණය දීර්ඝ ලෙස සාකච්ජා කර ආණ්ඩුව විසින් ගත් තීරණයක් බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නිසි ක්‍රමවේද භාවිතා කර එම තීරණය ගනු ලැබූ බව ද ප්‍රකාශ කළා.

රට ආර්ථික වශයෙන් දුර්වල වීමට මහ බැංකුවේ මුදල් තොගයක් ගුවන් මගින් උගන්ඩාවට ප්‍රවාහනය කර ඇති බව සමාජය තුල මතයක් පැතිර ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව මහ බැංකුවේ පවතින මුදල් එලෙස වෙනත් රටකට ගෙන යාමේ කුමන හෝ හැකියාවක් පවතී ද යන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතරු ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ තමන් දන්නා අයුරින් එලෙස සිදු කළ නොහැකි බවයි.

මෙම ආර්ථික අර්බුදය වසර ගණනක ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනකට එක්වන අවසන් අවස්ථාව මෙය වියයුතු බව ද සඳහන් කළා. ඒ සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වහාම සිදු කළයුතු බවත් මේ වන විටත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58