මුළු ලෝකයම බලා සිටි සාකච්ඡාව සාර්ථකව අවසන් වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි අතර පැවති සාකච්ඡාව, මෙතෙක් පැවති සාර්ථකම සාකච්ඡාව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලොද්මියර් සෙලෙන්ස්කි අතර හමුව ඊයේ (18) ධවල මන්දිරයේ පැවැත්වුණා.

රුසියාව සමග පවතින යුද්ධයේ වත්මන් තත්වය පිළිබද සහ යුද්ධය අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට තමන්ගේ පවතින සූදානම පිළිබදවත් ඩොනල්ඩ් ට්‍රම්ප් හට දැනුම්දුන් බව යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙම සාකච්ඡාව අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන ඇමතුම් මඟින් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?