AFC Banner
AFC Banner
Empty Ad

මුහුදෙන් ආ තීරුබදු නොගෙවූ දුම්වැටි තොගය

තීරුබදු රහිතව නීති විරෝධී ලෙසින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද B&H වර්ගයේ දුම්වැටි තොගයක් අලෙවිය සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍යය බලකාය සඳහන් කළේ; විශේෂ කාර්ය බලකාය උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මන්නාරම පොලිස් වසමේ එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ මෙම වැටලීම සිදු කළ බවයි.

එහිදී B&H වර්ගයේ දුම්වැට් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පාලාවිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?