මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

සමුද්‍රදේවි සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට ලක්වීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරියෙන් සඳහන් කළේ පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරන බවයි.

ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සමුද්‍රදේවි සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය අසල දී අද (23) උදෑසන පීලි පැනීමට ලක් වුණා.

එහිදී එක් මංතීරුවක දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වූ අතර, අනෙක් මංතීරුවේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට සිදුකෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?