Empty Ad
AFC Banner
Empty Ad

මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතු‍රින් අයෙක් මරුට – දෙදෙනකුට බරපතළ තුවාල

යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර ඊයේ (23) පස්වරුවේ සිදු ව ඇත්තේ ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ 2 කණුව සහ 3
කණුව ප්‍රදේශයේදියි.

අනතුරින් මිය ගොස් ඇත්තේ දිගැන්වැව – දිගැන්නාවත්ත පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න චාමර රත්නායක නමැති 29 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු යතුරුපැදිකරු බවත් හෙළි ව තිබෙනවා.

අනතුරට පත් යතුරුපැදියේ පසු පැදිකරු සහ වෑන් රථයේ රියදුරු වන යාපනය – ඉණුවිල් පදිංචිකරුවෙක්
අනතුරින් තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කෙරුණා.

යතුරුපැදියේ පසුපැදිකරු බරපතළ තත්ත්වයේ පසු වූ බැවින් ඔහු ව හලාවත මහ රෝහලට මාරුකර යවා ඇති අතර මේ වනවිට ඔහු පසුවන්නේ දැඩි සත්කාර ඒකකයේයි.

අනතුරට පත්ව ඇති යතුරුපැදිය ආණමඩුව දෙස සිට නවගත්තේගම දෙසට ගමන් කරමින් තිබී ඇති අතර යතුරුපැදිය මාර්ගයේ දකුණු පසට ධාවනය වීම හේතුවෙන් ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ඉදිරිපස ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?