මුවදෙනක් මැරූ පොලිස් නිලධාරීන් අල්ලාගත් ගම්මුන්ට පොලිසියෙන් බලපෑම්

ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂියේ දී වෙඩි තබා මුවදෙනක් ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු සැකකරුවන් තිදෙනා අල්ලාගත් ප්‍රදේශවාසීන් පිරිසට මකුළුගස්වැව පොලිසිය විසින් විවිධ බලපෑම් එල්ල කරන බව එම ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පවසන්නේ පොලිස් නිලධාරීන් නිතර නිතර තමන් පසුපස ලුහුබදිමින් තම වගාබිම්වල නීති විරෝධී කටයුතු සිදුකරන බව පවසා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවයි.

හීනුග්ගල රක්ෂියේ දී වෙඩි තබා මුවදෙනක් ඝාතනයකර එම සත්වයා රැගෙන යාමට උත්සාහ කිරීමේ දී පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් පසුගිය 25 වනදා ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන් වෙත අල්ලා දෙනු ලැබුවා.

අනතුරුව ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මීට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා පසුගිය 26 වනදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?