මුවදෙනක් මැරූ පොලිස් නිලධාරීන් අල්ලාගත් ගම්මුන්ට පොලිසියෙන් බලපෑම්

ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂියේ දී වෙඩි තබා මුවදෙනක් ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු සැකකරුවන් තිදෙනා අල්ලාගත් ප්‍රදේශවාසීන් පිරිසට මකුළුගස්වැව පොලිසිය විසින් විවිධ බලපෑම් එල්ල කරන බව එම ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පවසන්නේ පොලිස් නිලධාරීන් නිතර නිතර තමන් පසුපස ලුහුබදිමින් තම වගාබිම්වල නීති විරෝධී කටයුතු සිදුකරන බව පවසා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවයි.

හීනුග්ගල රක්ෂියේ දී වෙඩි තබා මුවදෙනක් ඝාතනයකර එම සත්වයා රැගෙන යාමට උත්සාහ කිරීමේ දී පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් පසුගිය 25 වනදා ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන් වෙත අල්ලා දෙනු ලැබුවා.

අනතුරුව ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මීට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා පසුගිය 26 වනදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළා.

  1. රාජකාරියක් කරන අයට ඒ නිදහස තිබෙනවා. ඒකට කියන්නේ පුද්ගලික අබිමතය කියලා. දැන් ඒ policiya එය හරියට කරනවා ඔයාලා නිකන් ගමේ අයවෙලා කරපු දෙයට. ඒක විදගන්න වෙනවා. නීතිය අකුරටම ක්‍රියාවේ යෙදවුවොත් පාරේ ගිහිල්ලත් ඉවරයි. බලන්නකෝ තව ටිකක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49