මුලතිව් කෝවිල අසලින් හමු වූ මිනිස් අස්ථි පිලිබඳ අධිකරණයට වාර්ථාවක් ඉල්ලයි

මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්ද පුරම් ප්‍රදේශයේ ක්‍රිෂ්ණපුරම් හින්දු කෝවිල ආසන්නයේ ඉඩමකින් මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයේ කැනීම් කොට අධිකරණයට වාර්ථාවක් ලබාදෙන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්ගසර්වනරාජා මහතා නියෝග කොට සිටියේය.

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා අදාල ස්ථානයේ ඊයේ (19) දින නිරීක්ෂණය කරමින් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන ලද අවස්ථාවේදී මුලතිව් අධිකරණ වෛද්‍යවරයාට මෙලෙස අදාල අස්ථි පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්ථාවක් ලබාදෙන ලෙසට නියෝග කොට සිටියේය.

පසුගිය 11 වනදා ක්‍රිෂ්ණපුරම් කෝවිල ආසන්නයේ පිහිටි ඉඩමක තිබූ කසල ගොඩක් තුල අදාල මිනිස් අස්ථි කොටස් තිබී හමුවී ඇති අතර අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අස්ථි කොටස් පරික්ෂා කොට ඒ පිළිබඳව මුලතිව් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව පැවති වර්ෂාපතනය හේතුවෙන් අවස්ථා කිහිපයකදී අදාල ස්ථානයේ මහෙස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදුකිරීමට නොහැකිව කල්දැමුනු අතර ඊයේ දින මෙලෙස මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ කැනීම් කටයුතු සිදු විය.

කැනීම් සිදුකිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් සහ රෝහල් උපකරණ රැසක් හමුවී ඇති බවට පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10