පස් වතාවක් අයි.පී.එල් ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ දෙවන තරගයට ඊයේ (29) එක් වුණා.
මෙම තරගයෙන් ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරියේ පරාජයට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු වූ අතර, මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ද පරාජයට පත් වුණා.
නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ ඊයේ (29) පැවති තරගය මුම්බායි කණ්ඩායම පරාජයට පත් වුණේ ලකුණු 36කින්.
මේ අතර මෙම තරගයේ දී සිදුවූ සිදුවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද තොරතුරු වාර්තා කර තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් නායක හාර්ඩික් පාණ්ඩ්‍යා සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ආර්. සායි කිෂෝර් මෙම සිද්ධියට මුල් වුණා.
මුම්බායි ඉනිමේ 15 වන පන්දුවාරයේ දී පන්දුවට පහරදෙමින් සිටි හාර්ඩික් පාණ්ඩ්‍යා සහ පන්දු යවමින් සිටි සායි කිෂෝර් එක් අවස්ථාවක එකිනෙකා දෙස බලා සිටි අතර, එලෙස මුහුණට මුහුණ බලාගෙන සිටි ක්‍රීඩකයින් දෙදෙනා අතර කෙතරම් කෝපයක් ඇති කළා ද යත්, හාර්ඩික් අවසානයේ සායි කිෂෝර්ට පරුෂ වචනයෙන් බැන වදින ආකාරය දැකගැනීමටයි හැකි වුණේ.
කැමරාවේ ඔහු පැවසූ පරුෂ වචන ඇසුණේ නැතත්, ඔහුගේ තොල්වල චලනයෙන් එය හොඳින් පැහැදිලි වනවා.
කෙසේ වෙතත් තරගය අවසානයේ පාණ්ඩ්‍යා විසින් සායි කිෂෝව වැළඳගෙන ඇති වූ ගැටලුව විසඳා ගන්නා අයුරු දැකගත හැකි වුණා.
මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නායකත්වය ලබදෙන හාර්ඩික් පාණ්ඩ්‍යා මීට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායාමේ නායකයා ලෙස ද කටයුතු කළා.