මුම්බායි ඉන්දියන්ස් දෙවන පරාජයත් වැළඳගනී – කෝපාවිෂ්ඨ වූ පාණ්ඩ්‍යා පරුෂ වචනයෙන් බැනවදී

පස් වතාවක් අයි.පී.එල් ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ දෙවන තරගයට ඊයේ (29) එක් වුණා.

මෙම තරගයෙන් ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරියේ පරාජයට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු වූ අතර, මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ද පරාජයට පත් වුණා.

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ ඊයේ (29) පැවති තරගය මුම්බායි කණ්ඩායම පරාජයට පත් වුණේ ලකුණු 36කින්.

මේ අතර මෙම තරගයේ දී සිදුවූ සිදුවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද තොරතුරු වාර්තා කර තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් නායක හාර්ඩික් පාණ්ඩ්‍යා සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ආර්. සායි කිෂෝර් මෙම සිද්ධියට මුල් වුණා.

මුම්බායි ඉනිමේ 15 වන පන්දුවාරයේ දී පන්දුවට පහරදෙමින් සිටි හාර්ඩික් පාණ්ඩ්‍යා සහ පන්දු යවමින් සිටි සායි කිෂෝර් එක් අවස්ථාවක එකිනෙකා දෙස බලා සිටි අතර, එලෙස මුහුණට මුහුණ බලාගෙන සිටි ක්‍රීඩකයින් දෙදෙනා අතර කෙතරම් කෝපයක් ඇති කළා ද යත්, හාර්ඩික් අවසානයේ සායි කිෂෝර්ට පරුෂ වචනයෙන් බැන වදින ආකාරය දැකගැනීමටයි හැකි වුණේ.

කැමරාවේ ඔහු පැවසූ පරුෂ වචන ඇසුණේ නැතත්, ඔහුගේ තොල්වල චලනයෙන් එය හොඳින් පැහැදිලි වනවා.

කෙසේ වෙතත් තරගය අවසානයේ පාණ්ඩ්‍යා විසින් සායි කිෂෝව වැළඳගෙන ඇති වූ ගැටලුව විසඳා ගන්නා අයුරු දැකගත හැකි වුණා.

මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නායකත්වය ලබදෙන හාර්ඩික් පාණ්ඩ්‍යා මීට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායාමේ නායකයා ලෙස ද කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14